ගෝඨාගේ ඉටුකම අරමුදල වසා දැමේ…! ඉතිරි මුදල් ජනාධිපති අරමුදලට…!

October 20, 2022 at 6:02 pm | by emanisa.lk

ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වසා දැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ලේකම් ආචාර්ය තාරක ලියනපතිරන සඳහන් කළේ ඒ අනුව කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යනු ලැබූ අංක 85737373 දරන නිල බැංකු ගිණුම 2022 ඔක්තෝබර් මස 18 වන දිනෙන් පසු ක්‍රියාත්මක නොවන බවය.

මේ හේතුවෙන් එම ගිණුම සඳහා මුදල් බැර නොකරන ලෙසත්, එම ගිණුමට බැර කිරීම සඳහා තව දුරටත් චෙක්පත් හා මුදල් ජනාධිපති කාර්යාලය වෙත යොමු නොකරන ලෙසත් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පරිත්‍යාගශීලින්ට දැනුම්දෙයි.

කොවිඩ් අරමුදල සඳහා රුපියල් දෙසිය විසිකෝටි හැත්තෑ එක් ලක්ෂ හැට හතරදහස් හත්සිය අසූ පහයි ශත පනස් අටක් (රු. 2,207,164,785.58 ) පරිත්‍යාගශීලීන්ගෙන් මෙම ගිණුමට ලැබී ඇත.

2022 ඔක්තෝබර් 18 වැනිදා වන විට කොවිඩ් අරමුදලේ ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය රුපියල් විසි එක්කෝටි හැට අට ලක්ෂ හැත්තෑ හත්දහස් හාරසිය තිස් එකයි ශත පහක් වන අතර, එය ජනාධිපති අරමුදලට බැර කිරීමට කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා පුරවැසියන්හට ජනාධිපති අරමුදල මඟින් සැත්කම් හා ප්‍රතිකාර වෙනුවෙන් වෛද්‍යාධාර ලබාදීම සිදු කරනු ලබයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *