හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක පවා මහින්ද රාජපක්ෂට ගෝඨාභය තරම් කුහකකම් නොකළ බව උදයංග වීරතුංග පවසයි.
හිටපු රුසියානු තානාපතිවරයා පවසන්නේ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් තෙල් සොයා රුසියාවට යන්නේ කොමිස් කුට්ටි සුවඳට බවයි.
එහි දී සුසිල්ට පූටින්ගේ රියදුරා පවා මුණ ගැසීමට නොහැකි බවයි, උදයංග වීරතුංග ප්‍රකාශ කළේ.
දූෂිත ගනුදෙනු කළ ඉහළ හමුදා නිලධාරීන් පිළිබඳ තමා ඉදිරියේ දී හෙළිදරව් කරන බවත් ඒ නිසා ගෝඨාභය විසින් තමා මරා දැමීමට වුව හැකි බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.