ගොවීන් දහස් ගණනින් වී ට්‍රැක්ටර් අරන් රජයේ ගබඩා වෙත එනවා…! – නි. ඇමති ටී.බී. සරත්….

February 16, 2025 at 3:29 pm | by emanisa.lk

මේ වන විට ගොවි ජනතාව රජයේ ගබඩා වෙත වී ලබා දීම ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

ආණ්ඩුවට උවමනා වී ටොන් ලක්ෂ 2 මිල දී ගැනීමේ හැකියාව ඇති බවයි, නි. ඇමතිවරයා සඳහන් කළේ.

මේ රටේ සැබෑ ගොවි නායකයන් දහස් ගණනින් තමන්ගේ ට්‍රැක්ටරයේ වී පටවා ගෙන වී අලෙවි මණ්ඩලයට පැමිණෙන ආකාරය තව මසක් පමණ ගතවන විට දැකගත හැකි බව ද ටී.බී. සරත් අවධාරණය කරයි.

මාලිමාණ්ඩුව යටතේ ධනපති පන්තිය දුර්වල වී වැඩ කරන කම්කරු ගොවි ජනතාව බලවත් වී ඇති බව ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *