ගොවීන්ට ඉන්ධන නොමිලේ ලබා දීමට අදාළ ටෝකන් පත් නිකුත් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඉන්ධන අද සිටම ගොවීන්ට ලබාදීමට හැකි වන පරිදි ටෝකන් පත් නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව එම අමාත්‍යාංශය පවසයි.
මෙරට වී වගා කරන ගොවි ජනතාවට වගා කටයුතු සඳහා භාවිත කිරීමට ඩීසල් ලීටර් මිලියන 6.98ක් චීන රජය විසින් නොමිලයේ පරිත්‍යාග කර තිබිණි.