ගෙවල් ගිනි තිබ්බ අයගේ ලැයිස්තුව වහාම එළියට දමනු..! – පාඨලී..

March 9, 2025 at 1:22 pm | by emanisa.lk

සතිපතා විවිධ ලැයිස්තු ඉදිරිපත් කරන ආණ්ඩුව දැන් ගෙවල් ගිනි තැබූ අය ගත් වන්දි ලැයිස්තුව එළියට දමා ලොකු ඝෝෂාවක් නඟමින් ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

එහෙත් ආණ්ඩුව ගෙවල් ගිනි තැබූ අයගේ ලැයිස්තුව මෙතෙක් එළියට දමා නැතැයි ඔහු චෝදනා කරයි.

එම ලැයිස්තුව එළියට දැම්මේ නම් පාර්ලිමේන්තුවේ සිටින පක්ෂයේ අයගේ නම් ගම් ද එළියට එන බව පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

එම ලැයිස්තුව පොලිස්පතිගේ ලාච්චුවේ ඇති බවත් එය සභාගත කරන ලෙස බිමල් රත්නායකගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *