දිවයිනට ළඟා වූ බොර තෙල් නෞකාවක් දින 54 ක් තිස්සේ කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා තිබේ.
මෙම බොර තෙල් නෞකාව හිමි සමාගමෙන් මින් පෙර මිලදී ගත් බොර තෙල් නෞකා දෙකක් සඳහා මුදල් ගෙවීමට නොහැකි වීම මීට හේතු වී ඇති බව ඛනිජ තෙල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
මෙම නෞකාවේ තොග ගොඩබෑමට නම් මීට පෙර ලබා ගත් බොර තෙල් නෞකා සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය බවත්, ඒ සඳහා ප්‍රමාණවත් ඩොලර් සොයා ගැනීමට අපහසු වී ඇති බවත් ඔහු කියා සිටියේ ය.