ගෘහ සේවයට කාන්තාවන් රට යැවීම තහනම්…! කතුන් 586ක් ගුවන්තොටින් ආපසු හරයි…!

November 11, 2022 at 8:50 am | by emanisa.lk

සංචාරක වීසා මගින් මැදපෙරදිග රටවලට ගෘහ සේවිකාවන් රැගෙන යාම වහාම ක්‍රියාත්මක වන පරිදි අද (11) සිට තහනම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.

මේ අනුව නුපුහුණු ක්ෂේත්‍රවල රැකියා සඳහා කාන්තාවන් රැගෙන යාම අත්හිටුවන ලෙස රැකියා නියෝජිත ආයතන වෙත දැනුම් දී ඇත.

සංචාරක වීසා මගින් ඕමාන් ඇතුළු මැදපෙරදිග රටවලට ගොස් කාන්තාවන් අතරමංවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවත්, මෙම වසර තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකය විසින් නීති විරෝධී ලෙස විදේශ ගතවීමට පැමිණි කාන්තාවන් 586 ක් නැවත හරවා යැවූ බවත් එහි සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මාධ්‍ය වෙත දැනුම් දුන්නේය.

සංචාරක වීසා මගින් රැගෙන යන කාන්තාවන් ලිංගික අපහරණය, පහරදීම, තාඩන පීඩනවලට ලක්වීම, ගණිකා මඩම්වලට විකිණීම සිදුවන බව ජනපතිවරයාගේ නියමයෙන් ඕමානයට ගොස් විශේෂ විමර්ශනයක් කළ කණ්ඩායම තහවුරු කරගෙන තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ඔත්තු සේවාව නියෝජනය කරන කණ්ඩායමක් ඕමානයට ගොස් කළ විමර්ශනයේදී ලිංගික වහල් වෙළෙඳාමට ලක්වීම ගැනද හෙළිකරගෙන තිබිණි.

සංචාරක වීසා මගින් ගිය කාන්තාවන් හාම්පුතුන් විසින් මිලක් ගෙවා ලබාගෙන ඇති බැවින් එරට නීතිය අනුව ඔවුන් ලංකාවට එවීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටද නොහැකි බව මෙහිදී හෙළිවී ඇත.

මෙම වසරේ පමණක් විදෙස් රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ පැමිණිලි 570 ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබී තිබේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස