ගෘහසේවිකාවන් පිටරට යැවීම නවතා දැමීමේ තීන්දුවක්…!

February 21, 2024 at 3:15 pm | by emanisa.lk

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන් ම නතර කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

ඒ සඳහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙස ඇමැතිවරයා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට ඊයේ (20) දැනුම් දී තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *