ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ගුවන් යානා 21ක් බද්දට ගැනීම සඳහා මිල ගණන් කැඳවා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසන්නේ ඉදිරි වසර 3 ඇතුලත දී සිය ගුවන් යානා සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ දැමීමේ අරමුණින් මෙලෙස නව ගුවන් යානා 21ක් බද්දට ගැනීමට සැලසුම් කර ඇති බවයි.
ශ්‍රී ලන්කන් සමාගමේ 2020 වසරේ පාඩුව රු. බිලියන 45කි. ආචාර්ය හර්ෂ ද සිල්වා පවන්නේ මෙය ප්‍රමුඛ අවශ්‍යතාවක් නොවන බවත් ජනතාවට මේ අවස්ථාවේ උවමනා ඉන්ධන ගෑස් කිරිපිටි බවත් ය.