ගුරු අරගලයේ බර අදින්නැයි දෙමාපියන්ට බලපෑම්..! පෝස්ටර් උස්සං උද්ඝෝෂණවලට එන්න කියනවලු…! – දෙමාපිය සංගම්වලින් චෝදනා…

November 6, 2021 at 9:15 pm | by emanisa.lk

පාසල් ආරම්භ වීමත් සමඟ නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹී සිටින ගුරු විදුහල්පති වෘත්තීය සමිති තම අරගලයට සහාය පළ කරන ලෙස දරුවන් මගින් දෙමව්පියන්ට බලපෑම් එල්ල කරන බවට පාසල් රැසක දෙමව්පිය සංවිධාන චෝදනා කරයි.

උද්ඝෝෂණ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය පෝස්ටර් නිර්මාණය කොට සමාජජාල සමූහයන් ඔස්සේ දෙමව්පියන් වෙත යවා එම පෝස්ටර් මුද්‍රණය කර උද්ඝෝෂණ සඳහා රැගෙන එන ලෙසට ඇතැම් ගුරුවරුන් දෙමාපියන් වෙත දන්වා ඇතැයි පාසල් සංවර්ධන සමිති නියෝජිතයෝ පවසති.

කෙසේ වුව ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් එම චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන අතර දෙමාපියන් ගුරු වර්ජනය සඳහා සහයෝගය ලබාදෙන්නේ ස්ව කැමැත්තෙන් බව පෙන්වා දෙයි.

මෙම චෝදනාව දෙමව්පියන්ට කරන අපහාසයක් බව ද ඉදිරියේ දී අනූ ලක්ෂයකට අධික දෙමව්පියන් සම්බන්ධ කර ගනිමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානමක් සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *