පොල් මිල අධික ලෙස ඉහළ යෑමත් සමග සහන මිලට පොල් අලෙවි කිරීම සඳහා ජංගම රථ යෙදවීමට පොල් අලෙවි මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව අද (23) සිට කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල ප්‍රෙද්ශවල මෙම රථ යෙදවෙනු ඇත.
එම රථවලින් රු. 100-120ත් අතර මිලකට පොල් මිල දී ගැනීමට හැකි වනු ඇත. මේ වන විට පොල් ගෙඩියක මිල රු. 200කට ආසන්න වී ඇති නිසා මෙලෙස සහන මිලට පොල් ලබා දීම ජනතාවට විශාල සහනයක් වනු ඇත.