ගිවිසුම්ගත සංවර්ධන ව්‍යාපෘති මුදල් කොවිඩ්වලට යොදවන්න බෑ…! විපක්ෂ නායක සජිත් ඒකවත් දන්නේ නෑ…! – ලාන්සා…

May 9, 2021 at 11:33 am | by emanisa.lk

සංවර්ධන කාර්යයන් සඳහා විදෙස් රටවලින් ලැබෙන අරමුදල් වෙනත් කාර්යයන් සඳහා යොදාගත නොහැකි බව පවා විපක්ෂ නායකතුමාට තේරුම්ගත නොහැකි බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සඳහන් කරයි.

“ලෝක‍යේ පවතින කොරෝනා වසංගතය හමුවේ වුව ද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකරලීම සඳහා කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් රටේ සංවර්ධන කාර්යයන් ඉදිරියට ගෙන යන ලෙස ජනාධිපතිතුමා අපට උපදෙස් දීලා තියෙනවා.

අපි විදෙස් රටවල් සමග ගිවිසුම්ගත වෙලා තියෙන සංවර්ධන කාර්යයන් නතර කළහොත් අපිට සිදුවෙනවා අදාළ කොන්ත්‍රාත් සමාගම්වලට වැඩිපුර ගෙවන්න. එහෙම ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල්. ඒ නිසා තමා පවතින තත්ත්තවය හමුවේ වුවත් ප්‍රමාදයකින් තොරව සංවර්ධන කාර්යයන් ගිවිසුම්ගත වෙලා තියෙන විදියට ඉදිරියට කරගෙන යන්නෙ.

විපක්ෂනායකතුමා කියනවා සංවර්ධන කාර්යයන්ට තියෙන මුදල් කොරෝනා වසංගතයට යොදවන්න කියලා. එහෙම ගිවිසුම්ගත වුන මුදල් එහෙම වෙනත් කාර්යයකට යොදවන්න බැහැ කියලවත් එතුමාට තේරෙන්නේ නැහැ. රජය විසින් මිල දී ගැනීමට යන හෙලිකොප්ටර් සඳහා වන මුදල් කොරෝනා වසංගතය වෙනුවෙන් යොදවන්න බැහැ. ගුවන් හමුදාපතිතුමා පැහැදිලිව කියනවා රුසියානු ණය ආධාර යෝජනා යටතේ ඒවා මිල දී අරගෙන එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට ඒවා එක් කරනවා කියලා.

මාර්ග සංවර්ධනයට හෝ වෙනත් සංවර්ධන කාර්යයකට වෙන් කරලා තියෙන, විවිධ රටවල් සමග ගිවිසුම්ගත වෙච්ච මුදල් වෙනත් කටයුත්තකට යොදවන්න බැහැ කියන එකවත් දන්නෙ නැතිව විපක්ෂ නායකතුමා කටයුතු කරනවා. මධ්‍යම අධිවේගයේ ගහ නිසා අවුරුදු දෙකක් ප්‍රමාද වෙනවා කියන්නේ අපිට වැඩිපුර මිලියන 4,000 ක් විතර ගෙවන්න සිදුවෙනවා. මේ ජනතාවගේ සල්ලි. අපි ජනතාවගේ බදු මුදල් ආරක්ෂාකරගෙන යන්න පුළුවන් ක්‍රියාමාර්ගයකට තමා ගමන් කරන්නේ.

කොරෝනා වසංගතය පාලනය කිරීම ගැන කතා කරනකොට අපිට මොන චෝදනා එල්ල කළත් පළවෙනි හා දෙවැනි රැල්ල පාලනය කිරීමට කටයුතු කළා. ලෝකයේ අනෙකුත් රටවල් එක්ක බලනකොට අපි හොද තැනක හිටියා. තෙවැනි රැල්ල අසීරු වුණත් රජයක් විදියට අපි එය පාලනය කිරීමට සියලු කටයුතු සිදු කරනවා. ඒ වගේ ම මේ සඳහා මිලියන 22 ක් වූ ජනතාවගේ සහායෝගය අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා වැඩිදුරටත් එහිදී සදහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස