ගිය සතියේ සිදුවීම් නිසා සියල්ල එපා වුණා…! රට ගොඩගන්න පැහැදිලි වැඩපිළිවෙළක් නෑ..! 80 වැනි උපන් දිනේට යන්න සිතා සිටියත් 14 විශ්‍රාම යනවා…! – මහ බැංකු අධිපති…

September 10, 2021 at 7:50 pm | by emanisa.lk

එලඹෙන 14 වන දා තමන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් පවසයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, ලබන මාසයේ 80 වැනි උපන් දිනයේ දී විශ්‍රාම යෑමට තීරණය කරත් පසුගිය සති කිහිපයේ ඇති වූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බවය.

මෙලෙස මහ බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් ලෙස තමාගේ මිතුරන් සහ හිතවතුන් සිතන බව ද ඔහු පවසයි.

ශ්‍රී ලංකාව තව දුරටත් තුන් වන ලෝකයේ රටක් ලෙස හැඳින්වීමට සිදුවීම ගැනත් රට ගොඩ ගැනීමට පැහැදිලි දේශපාලන වැඩපිළිවෙළක් නොමැති වීම පිළිබඳවත් කනගාටු වන බව හෙතෙම සඳහන් කළේ ය.

ඔහුගේ සිත රිදවීමට හේතු වූ කරුණු පිළිබඳ මාධ්‍ය විමසුව ද ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු ප්‍රකාශයට පත් කිරීම මහ බැංකු අධිපතිවරයා ප්‍රතික්ෂේප කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තනතුරු තම ප්‍රතිපත්ති අනුව භාරගත නොහැකි නිසා එය ප්‍රතික්ෂේප කළ බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

අද (10) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස