පසුගිය 9 වැනිදා රට පුරා ඇති වූ කලබලකාරී තත්ත්වය මැද මැදමුලනේ රාජපක්ෂ මහ ගෙදරට ද ප්රහාරයක් එල්ල විය.
එහි දී නිවස පිටුපස කූඩුවක සිටි ලැබ්රඩෝර් වර්ගයේ වටිනා බලු පැටවුන් තිනෙකු ද අතුරුදන්ව තිබේ.
මෙලෙස අතුරුදන් වූ බලු පැටවෙකු වීරකැටිය ප්රාදේශීය සභාවේ සමගි ජන බලවේග මන්ත්රීවරයෙකුගේ නිවසින් හමුව තිබේ.
මේ සම්බන්ධයෙන් මන්ත්රීවරයාගේ 21 හැවිරිදි දියණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.