ගිනිගත් නැවෙන් මුහුදට විෂ රසායන එකතු වූ බවට සාක්ෂි නෑ….! – රෝහිත…..

July 10, 2021 at 8:56 am | by emanisa.lk

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් නෞකාව තුළ තිබූ විෂ රසායන සාගර ජලයට එකතු වී ඇති බවට මේ දක්වා කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

මෙම නෞකා අනතුරින් පසුව, මියගිය මුහුදු ජීවින් රැසකගේ සිරුරු මුහුදු වෙරළට ගොඩගැසූ නමුත් එම මුහුදු ජීවීන් මරණයට පත්වීම හා නෞකාවේ සිදු වූ අනතුරු අතර සබඳතාවක් තිබෙන බවට ද මෙතෙක් තහවුරු වී නොමැති බව ඇමතිවරයා පෙන්වා දෙයි.

අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රෝහිත අබේගුණවර්ධන මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *