ලංකාවේ ගෑස් පිපිරීම ආරම්භ වන්නේ වසර දෙකක් සඳහා ගෑස් සැපයීමේ ඒකාධිකාරය ලබා ගැනීමට ගෑස් මාෆියාව සිදුකළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලය ලෙස බවට ලාෆ් සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය චෝදනා කරයි.
ගෑස් සංයුතිය වෙනස් නොකරන ලෙසත් ලංකාවේ පසුගිය කාලයක් තිස්සේ පැවති ප්‍රමිතියට ගෑස් ලබා දෙන ලෙසත් තමන් ඉල්ලා සිටිය ද එයට බලධාරීන් කන් නොදුන් බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
බැංකුවලින් අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා දෙන්නේ නම් රටට උවමනා ප්‍රමිතියේ ගෑස් ආනයනය කර රටට ම ලබා දීමට සූදානම් බව ද හෙතෙම පැවසූ අතර මේ වන විට ලාෆ් ගෑස් සිලින්ඩර් නීති විරෝධී ලෙස පාට වෙනස් කර ලිට්‍රෝ පිරවිමේ ජාවාරමක් සිදුවන බවත් ඊට එරෙහිව නඩු මගට බහින බවත් අවධාරණය කරයි.