ගැබිනි මව්වරුන්ට කොවිඩ් උවදුරින් ගැළවෙන්න උපදෙස් මාලාවක්…!

May 3, 2021 at 8:57 pm | by emanisa.lk

මේ වන විට කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 70 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ප්‍රජා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසයි.

කුඩා දරුවන් පිළිබඳ හා ගැබිනි මව්වරුන් සම්බන්ධ සායන හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු ස්ථානවල සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව ද ගැබිනි මව්වරුන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ද ඇය සඳහන් කළාය.

මේ වන විට පැතිරෙන කොවිඩ් ප්‍රභේදය දරුවන්ට හා ගැබිනි මව්වරුන්ට වැළඳීමේ වැඩි අවදානමක් ඇති බව ද වෛද්‍යවරිය පැවසුවාය.

ඒ අනුව කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂා වීමට ගැබිනි මව්වරු කළ යුතු සෞඛ්‍ය පුරුදු කිහිපයක් මෙසේ ය.

*මුව ආවරණ භාවිතය අනිවාර්ය වේ.
*හැකි තරම් ගමන් බිමන් සීමා කළ යුතුය.
*කණ්ඩායම් එක්රැස් වන ස්ථානයන්ට යෑමෙන් වැළකිය යුතුය.
*වෙළෙඳසැල් වෙත යාම හැකි තරම් අවම කළ යුතුය.
*කෘත්‍රීම ආහාර ගැනීමෙන් වැළකීම.
*නිවසේ දී ආහාර පිළියෙළ කිරීමේ දී නිතර දෑත් පිරිසිදුවට තබා ගැනීම.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *