ගාස්තුව වැඩි කරගෙන බස් සංගම් ආණ්ඩුවට කොකා පෙන්නයි! ආසන ගණනට වඩා සෙනඟ පටවන බවට තග දමයි!

December 16, 2020 at 1:03 pm | by emanisa.lk

පොදු ප‍්‍රවාහන සේවා සඳහා යොදා ගන්නා වාහනවල ආසන ගණනට පමණක් මගීන් ප‍්‍රවාහන කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නියෝගයට එකග විය නොහැකි බව බස්රථ හිමියෝ පවසති.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ එම නියෝගය නිකුත් කිරීමට අදාළ කරගත් නිර්ණායක මොනවාදැයි සෞඛ්‍ය බලධාරීන්ගෙන් ප‍්‍රශ්න කරන බවයි.

මීට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කළහොත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සමස්ථ ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස