ග්ලයිපොසෙට් තහනම ඉවත් කළේ නිලධාරීන් අත්තනෝමතිකව ද..? මහින්දානන්ද වාර්තාවක් කැඳවයි…!

November 23, 2021 at 7:11 am | by emanisa.lk

ග්ලයිපොසෙට් ඇතුළු පළිබෝධනාශක පහක් සඳහා නීති පනවා තිබූ තහනම ඉවත් කිරීමට පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයා කටයුතු කර තිබේ.

ඔහු විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයකින් මෙම තහනම ඉවත් කිරීම සිදු කර ඇත.

ඒ අනුව පලිබෝධනාශක වර්ග පහක් තහනම් කරමින් 2014 වර්ෂයේ දෙසැම්බර් 22 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය අහෝසි වෙයි.

තහනම ඉවත් වන පලිබෝධ නාශක වර්ග වන්නේ ග්ල්යිපොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, කිබොෆියුරාන්, ක්ලොෆයිරිෆොස් ය.

මේ අතර කෘෂිරසායන ද්‍රව්‍ය 5ක් භාවිතය හා අලෙවිය තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කිරීම ගැන පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාගෙන් කරුණු පැහැදිළි කිරීමක් කැඳවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *