ජනතා විමුක්ති පෙරමුණට කාලයක් තිස්සේ සම්බන්ධව සිටින්නේ ගමේ පට්ට කුහක, හැම වැඩකටම බාල්දි පෙරළන, සිය පෞද්ගලික දියුණුව පවා ලබා නොගත් මුහුණේ පවා කුහකත්වය සටහන් වී ඇති පිරිස බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ හැම ගමකම සිටින මෙම කුහක පිරිස එම පක්ෂයේ කාඩරයන් බවත් ඔවුන්ට මේ රටේ ජනතාව කිසිම අවස්ථාක ඡන්දය ලබා නොදුන් බවත්ය.
මෙවර මැතිවරණයේ දී ජනතාව පැරණි දූෂිත දේශපාලනයට විරෝධය ප්‍රකාශ කිරීමේ අමනාපයේ ඡන්දය මාලිමාවට ලබා දුන් බව ද දිලිත් ජයවීර ප්‍රකාශ කරයි. මෙය තාවකාලික තත්ත්වයක් බවත් ජාතිකවාදී කඳවුර සිය අතීත වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යෑමට සූදානම් බව ජනතාවට පැහැදිලි කළ යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.
සර්වජන බලය පක්ෂ ජන හමුවක් අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.