ගම්මන්පිල පොන්නම්බලම්ගේ නිවස වටලයි…!

August 27, 2023 at 8:31 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම්ගේ කොළඹ පෞද්ගලික නිවස ඉදිරිපිට ඊයේ (26) විරෝධතාවක් පැවැත්වුණි.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් මෙම විරෝධතාව දියත් කර තිබුණේ ඔහු ජාතිවාදය වපුරන බවට චෝදනා කරමිණි.

එහි දී විරෝධතාවයේ නිරත නොවන ලෙස පොලීසිය අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබුණි. පොලීසිය මැදිහත්වී මන්ත්‍රීවරයාගේ නිවසට මීටර් 20ක් පමණ දුරින් විරෝධතාකරුවන් නවතනු ලැබු අතර ආරක්ෂාව සඳහා පොලීසිය, කැරලි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද කැඳවා තිබිණි.

කොළඹ ඔබ භුක්ති විඳින නිදහස උතුරේ අපට ද දෙන්න යැයි ඔවුන් ඉල්ලා සිටි අතර පැයකට ආසන්න කාලයක් විරෝධතාවේ නිරත වී පසුව පිරිස විසිර ගොස් තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *