ගම්මන්පිලට ජනපති මුදල් දුන්නා..! විදුලි කප්පාදුවක් නෑ..! – ගාමිණී ලොකුගේ…

January 24, 2022 at 3:57 pm | by emanisa.lk

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති හිඟ මුදල් ගෙවීම සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 93ක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබේ.

මෙම හමුව සඳහා අමාත්‍ය උදය ගම්මන්පිල මෙන් ම අමාත්‍ය ගාමිණී ලොකුගේ ද සහභාගී වී තිබේ.

ඒ අනුව අවශ්‍ය තෙල් තොග ලබාගත හැකි බවත් විදුලිය කප්පාදුවක් උවමනා නැති බවත් විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.

කෙසේ වුව ද විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ සපුගස්කන්ද විදුලි බලාගාරය අක්‍රීය වීම නිසා අද (24) හවස පැයක කාලයක් විදුලිය විසන්ධි කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *