ගංජා වවලා ආර්ථිකේ ශක්තිමත් කරන්න අපි ඉඩ තියන්නේ නෑ…! – තිස්ස…

October 23, 2022 at 2:38 pm | by emanisa.lk

විදේශ විනිමය සොයා ගැනීම සඳහා මෙරට තුළ කංසා වගාව නීතිගත කිරීමට සමගි ජන බලවේගය විරුද්ධ බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

එය මෙරට සංස්කෘතියට කිසිසේත් ගැළපෙන්නේ නැති හෙයින් කංසා වගාව නීතිගත කර මෙරට ආර්ථික ශක්තිමත් කිරිමට කටයුතු කිරීමට තම පක්ෂය එකඟ නොවන බව ඔහු ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිමේ බලය වසර 2 ½ කිරීම, ද්විත්ව පුරවැසිභාවය අහෝසි කිරිම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම යන ප්‍රධාන හේතු තුනක් නිසා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගය සහය දැක්වූ බව ද තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *