ආර්ථික රකින්න තායිලන්තය ගංජා නීතිගත කරයි..! පැළ ලක්ෂ 10ක් ජනතාවට බෙදා දෙයි..!

July 4, 2022 at 10:56 am | by emanisa.lk

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සඳහා කංසා වගාව නීතිගත කිරීමට තායිලන්ත රජය පියවර ගෙන ඇත.

එරට සංචාරක ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණින් යුතුව ගෙන ඇති මේ පියවර තුළින් විදේශ විනිමය විශාල වශයෙන් උපයා ගැනීමට තායිලන්ත රජය අපේක්ෂා කරයි. මේ නීති සංශෝධනයත් සමඟ ගංජා වගාව නීතිගත කළ පළමු ආසියාතික රට බවට ද තායිලන්තය පත් විය.

ලෝක සංචාරසංචාරක කර්මාන්තයට පමණක් නොව තායිලන්තයේ කෘෂි කර්මාන්තයට ද ගංජා නීති සංශෝධනයෙන් වැඩි ප්‍රගතියක් අත්වනු ඇතැයි රජයේ විශ්වාසය වී තිබේ. ඒ අනුව එරට ගොවීන් දිරිමත් කිරීමට ගංජා පැළ මිලියනයක් බෙදා හැරීමට පසුගියදා තායිලන්ත රජය පියවර ගත්තේය.

ගංජා වගා කිරීම, ළඟ තබා ගැනීම සහ ආහාරපාන සඳහා මිශ්‍ර කිරීම නීතිගත කළ ද, තායිලන්තයේ ගංජා පානය තවමත් නීති විරෝධි බව එරට මාධ්‍ය වාර්තා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *