ගංජා නෙමෙයි ගිනි තියන්නේ ඩොලර්..! ගංජා නීතිගත කරනවාමයි…! – ඩයනා…

September 27, 2022 at 3:39 pm | by emanisa.lk

ගංජා නීතිගත කිරීම මගින් හිතාගත නොහැකි තරම් රැකියා උත්පාදනය කළ හැකි බව සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පවසයි.

එමගින් රටේ දරිද්‍රතාව අවසන් කළ හැකි බවයි, ඇමැතිනිය පෙන්වා දෙන්නේ.

සිගරට් අරක්කු තහනම් නොකර ගංජා පමණක් තහනම් කර ඇතැයි ද නීති විරෝධී නිසා ගිනි තබන්නේ ඩොලර් බව ද ඩයනා ගමගේ ප්‍රකාශ කළාය.

ගංජා නීතිගත කොට මේ රටට ඩොලර් ගෙන ඒමේ අභියෝගය තමා ජය ගන්නා බව ඇමැතිවරිය අවධාරණය කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *