පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් මේ වන විට නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත්තේ සාමාජිකයින් 5 දෙනෙකු පමණක් බව පාර්ලිමේන්තුව පවසයි.
ඒ, ඩිලාන් පෙරේරා, දුමින්ද දිසානායක, ඉරාන් වික්‍රමරත්න, එස්. එම්. මරික්කාර් සහ මහාචාර්ය චරිත හේරත් ය.
මීට අමතරව අනුර දිසානායක, වසන්ත යාපා බණ්ඩාර, ශානක්‍යන් රාසමානික්කම්, දයාසිරි ජයසේකර, ගාමිණි වලේබොඩ හා හේෂා විතානගේ ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ ද ඊට අදාළ ලිඛිත දැනුම්දීම මෙතෙක් සිදු කර නැත.
කෝප් කමිටුව සාමාජිකයින් 31 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඒ ආණ්ඩුව නියෝජනය කරමින් 19 දෙනෙකු සහ විපක්ෂයෙන් සාමාජිකයින් 12 දෙනෙකු ලෙසය.
ඉල්ලා අස්වීමත් සමග ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින් ගණන 18ක් වන අතර විපක්ෂ සාමාජිකයින් ගණන 08ක් දක්වා අඩු වී ඇත.
කෙසේ වෙතත්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව රැස්වීම සඳහා සාමාජිකයින් 5 දෙනෙකු පමණක් සිටීම ප්‍රමාණවත් බව ද පාර්ලිමේන්තුව පෙන්වා දෙයි.