කෝපා කමිටුවෙි සිටි තමා ඇතුළු බුද්ධිමතුන් මෙවර ඉවත්කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දිස්ත්‍රික් මන්ත්‍රී, ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.
අද (04) පාර්ලිමේන්තුවේ දී හිටපු ඇමැතිවරයා මේ බව පැවසීය.
“අපි වෙනුවට අද ගෙනත් දාලා තිබෙන අය ගැන වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.
සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඉන්න තැනම තමයි, මගේ නම කෝප් කමිටුවට දැම්මේ. ඒත් අද මගේ නම ඉවත් කරලා තියෙනවා.
ඒ විතරක් නෙවෙයි කෝපා කමිටුවේ පසුගිය කාලයේ හිටියා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය. එතුමියව කපලා තියනවා.
මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඉවත් කරලා තිබෙනවා. ආචාර්ය රත්නසේකර මහතාවත් ඉවත් කරලා තිබෙනවා. මාව ඉවත් කරලා තිබෙනවා. අපේ යම් පිරිසක් කෝප්, කෝපා, මුදල් කාරක සභාවලට දමන ලෙස ඉල්ලා සිටිනවා.”