කෝප් කමිටුවෙදී පීඩනයට බොරුවක් කියවුණා…! කොන්දේසි විරහිතව සමාව අයදිනවා..! – ලංවීම සභාපති…

June 12, 2022 at 10:20 am | by emanisa.lk

පසුගියදා කෝප් කමිටුවේදී තමන් සිදු කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගනිමින් කොන්දේසි විරහිතව සමාව අයැදින බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු පවසයි.

කෝප් කමිටුවේදී සිදු කළ පැහැදිළි කිරීමේදී ඒ මොහොතේ සිටි පීඩනය හා හැඟීම් නිසා ඉන්දීය අගමැති යන වචනය තමාට ප්‍රකාශ කිරීමට සිදු වූ බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

පසුගියදා ඔහු කෝප් කමිටුවේදී සඳහන් කළේ, මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අදානි සමාගමට ලබාදීමේ දී, ජනාධිපතිවරයා තමා කැඳවා ඉන්දීය අගමැතිවරයා එය ලබාදෙන ලෙස තමන්ට බල කරන බව ප්‍රකාශ කළ බවයි.

තමා එම අවස්ථාවේදී එය විදුලි බල මණ්ඩලයට අයිති ගැටලුවක් නොව ආයෝජන මණ්ඩලයට අයත් ගැටලුවක් බව ප්‍රකාශ කළ බව ද ඔහු ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *