කෝටි තුනහමාරක් වංචා කළ සතොස සභාපති වෙනුර දොට්ට…!

February 12, 2022 at 9:10 am | by emanisa.lk

පසුගිය කාල සීමාව තුළ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (CWE) සිදු වූ බවට සැක කෙරෙන කෝටි ගණනක අයථා ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟ, ඒ පිළිබඳව කඩිනම් පරීක්‍ෂණයක් පවත්වා තමා වෙත වාර්තා කරන මෙන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ (11) වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්වරිය වෙත නියෝග කර තිබේ.

ඒ අනුව මෙම පරීක්ෂණ කටයුතු නිම වන තෙක් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති වෙනුර ගුණවර්ධන හා එහි ප්‍රවාහන කළමනාකාර ඉන්දික රත්නමල යන දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ද අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ද පරීක්ෂණ සිදු කරයි.

හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන නීතීඥ වෙනුර ගුණවර්ධන කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය කළමණාකරණය පිළිබඳ විශේෂ උපාධිධාරියකුද වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *