ඉන්ධන කෝටාව අත්හිටුවා ප්රමාණවත් තරම් ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් ත්රිරෝද රථ රියදුරන් සංවිධාන කළ විරෝධතාවක් බොරැල්ලේදී අද (14) පැවැත්විණි.
විරෝධතාවට එක්වූ පිරිස බොරැල්ල කැම්බල් පිටිය අසල සිට බොරැල්ල මංසන්ධිය දක්වාත් එතැන් සිට යළි කැම්බල් පිටිය දක්වාත් පා ගමනින් ගොස් එහි දී උද්ඝෝෂණයක ද නිරත වූහ.
“ඉන්ධන කෝටාව වහා නවතනු”, “රෝද තුනේ අපි අනාථයි”, “පවුල රකින අපිට 5යි”, “රාජ්ය ඇමතිවරු 37යි”, “තෙල් නැති ජීවිතේ, ලීසිං මරුවා සමඟ වාසේ” ආදී සටන් පාඨ සහිත පුවරු ප්රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවෙහි යෙදුණහ.