අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශ ස්ථානභාර නිලධාරියා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ ඩබ්ලිව් බණ්ඩාර සඳහන් කළේ, අනුරාධපුර දුම්රිය ස්ථාන ධාවනාගාරයෙන් ඩීසල් ලීටර් 545ක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ඔවුන්ගේ වැඩතහනම් කර ඇති බව
පසුගිය සැප්තැම්බර් මස 19 වැනිදා මෙම ඩීසල් සොරකම සිදුව ඇති අතර මේ පිළිබඳ සොයා බැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබිණි.
එම කමිටු වාර්තාව සැලකිල්ලට ගනිමින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශ ස්ථානභාර නිලධාරියා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන තිබේ.