කොළඹ සහ කළුතර පොලිස් බල ප්‍රදේශ 06කට ඇඳිරි නීතිය!

October 24, 2020 at 12:04 am | by emanisa.lk

වහා ම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලට ද ලබන සඳුදා (26) උදෑසන 5.00 වන තෙක් නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇත.

කො‍විඩ්-19 ‍වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස