කොළඹ වරායේ බහාළුම් ප්‍රති-අපනයන ප්‍රමාණය අඛණ්ඩව හතර වෙනි මාසයටත් පහත වැටී ඇතැයි වාර්තා වෙයි. අප්‍රේල් මස ප්‍රති-අපනයන කළ අඩි 20 බහාළුම් ප්‍රමාණය ඒකක 495 456ක් දක්වා පහත වැටී ඇත.
මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා නෞකා 1319ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය 1.6%ක අඩු වීමකි. මේ අතර අප්‍රේල් මස නෞකා 321ක් පැමිණ ඇති අතර එය 2.9%ක වර්ධනයකි.
කෙසේ වුව ද මෙම කාල සීමාව තුළ ආනයන අපනයන බහාළුම් හුවමාරුව ඉහළ ගොස් තිබේ.