කොළඹ වතුවල කොරෝනා පැතිරීමට ජනපතිගෙන් විසඳුම්! වතු ජනතාවට නවීන මහල් නිවාස!

April 27, 2020 at 9:42 am | by emanisa.lk

නාගරික සංවර්ධන අධිකාරිය මගින් කොළඔ නගරයේ ඉදි කරමින් පවතින මහල් නිවාස සංකීර්ණවල පවුල් 1600ක් කඩිනමින් පදිංචි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

ඒ අනුව කොවිඩ් තර්ජනයට ලක් වන කොළඹ වතු ආශ්‍රිත ජනතාව මෙම මහල් නිවාස සංකීර්ණවල පදිංචි කරවීමට නියමිතව ඇත.

කොළඹ මහල් නිවාස සංකීර්ණවල නිවාස 1600ක් පමණ මේ වන විට ඉදි කිරීම් අවසන් කර තිබේ.

කොළඹ නගරයේ වතු ආශ්‍රිතව වෛසරය පැතිරීම පාලනය කිරීමට වතුවල පදිංචිකරුවන් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමට ද තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *