කොවිඩ් හමුවේ පියවරක් ඉදිරියට…! එළිමහන් සංගීත සංදර්ශන සඳහා අවසර…!

December 28, 2021 at 12:07 pm | by emanisa.lk

එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට මෙතැන් සිට අවසර ලබා දී තිබේ. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති බවයි පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල රාත්‍රී 10 දක්වාත්, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත් එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිවනු ඇත.

කෙසේ වුව ද ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30 දක්වා එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිය.

එලෙස පැවැත්වෙන එළිමහන් සංගීත සංදර්ශන සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට යටත්ව පැවැත්විය යුතු වෙයි. එහි වගකීම සංගීත සංදර්ශන සංවිධායකයින් වෙත පවරා ඇති අතර අවශ්‍ය අවස්ථාවල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ උපදෙස් ද ලබා ගත යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *