සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි…!

September 6, 2021 at 6:36 am | by emanisa.lk

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ වන විට ඔහු 68 වන වියේ පසුවිය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.

කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ හෙතෙම ඉන් සුවය ලබා පසුගිය දා තම නිවෙසට ගියේය.

නමුත් නැවතත් ඇති වූ රෝගී තත්ත්වයක් මත සුනිල් පෙරේරා ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව ඊයේ (05) වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *