ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 638ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරයි.
ඊයේ දිනයේදී වාර්තා වූ මරණ අතර වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක් වන තරුණියක් ද ඇතුලත් වන අතර නියුමෝනියාව සහ හෘද රෝගී තත්ත්වය මරණයට හේතුව ලෙස දක්වා ඇත.
මිට අමතර වයස අවුරුදු 35, 40 සහ 71ක් වයසැති පුද්ගලයින් තිදෙනෙක් ද කොවිඩ් ආසාදිතව ජිවිතක්ෂයට පත්ව තිබේ.