කොවිඩ් මර්දන රාජකාරියේ නිරත සෞඛ්‍ය අංශ වෙත මාසිකව රු. 7500ක දීමනාවක්….!

June 15, 2021 at 9:25 am | by emanisa.lk

කොවිඩ් මර්දන කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය අංශවල සෙසු කාර්ය මණ්ඩල සඳහා ද අමතර දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .

ඒ අනුව සෞඛ්‍ය අංශයේ සෙසු කාර්ය මණ්ඩල සඳහා රුපියල් 7500ක අමතර මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අනුමැතිය හිමිව තිබේ. කොවිඩ් මර්දන කටයුතුවල යෙදී සිටින වෛද්‍යවරුන් සඳහා අමතරව මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ තීරණය කළේය.

ඒ සඳහා අමතර දීමනාවක් තමන්ට ද ලබාදෙන්නයි ඉල්ලා සෞඛ්‍ය අංශයේ සෙසු කාර්ය මණ්ඩල ද පසුගිය සතියේ විරෝධයක් ගෙන ගියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *