චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (06) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
ශ්‍රී ලංකාවට එකවර ගෙන ආ විශාලතම එන්නත් තොගය එය වෙයි.
මෙම එන්නත් තොගය ලැබීමත් සමඟ ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් වීමට නියමිත ය.
තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 10ක් නුදුරේ දී ම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ය.