කොවිඩ් පාලනය කළේ ආණ්ඩුව නෙමෙයි රට වැස්සූ අපියි…! -නලීන් බණ්ඩාර…

September 24, 2021 at 12:03 pm | by emanisa.lk

කොවිඩ් වසංගතය නිසා අහිමි වූ ජීවිත 12 000න් 80%ක් සඳහා වගකිව යුත්තේ ආණ්ඩුව බව සමගි ජන බලවේගය පවසයි.

විපක්ෂ නායකවරයා එන්නත ගෙන එන ලෙස දැනුම් දුන් අවස්ථාවේ ආණ්ඩුව ජනතාවට පැණි පොවමින් සිටි බව ද එම පක්ෂයේ නලීන් බණ්ඩාර පෙන්වා දෙයි.

අවසානයේ සෞඛ්‍ය අංශ, විපක්ෂය ඇතුළු කණ්ඩායම්වල ඉල්ලීම මත රට වසා දැමීමෙන් කොවිඩ් පාලනය වූ බවත් ඔහු අවධාරණය කරයි.

එම රට වසා දැමීම ද හරියට නොකළ බවත් බාර් අරිමින් ජනතාව ඒකරාශී වීමට කටයුතු කළ බවත් හෙතෙම සඳහන් කරයි.

රටේ ආර්ථිකය විනාශ කළ ආණ්ඩුව දැන් රටේ සම්පත් විකුණා දමමින් ඇතැයි ද නලීන් බණ්ඩාර චෝදනා කළේ ය.

ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස