කොවිඩ් නිසා බලවත් පීඩාවට පත්වූයේ අබාධිත පිරිසයි….! එන්නත්කරණ ප්‍රමුඛතාව ආබාධිතයින්ට දෙන්න…! – විපක්ෂ නායක…

May 29, 2021 at 10:44 pm | by emanisa.lk

මෙරට ජීවත්වන ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති පිරිස් වෙත එන්නත්කරණය ප්‍රමුඛතාව ලබා දෙන ලෙස විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලීමක් කරයි.

කොවිඩ් වසංගතයෙන් බලවත් පීඩාවකට සහ අසාධාරණයකට පත්වු පිරිසක් ලෙස ඔවුන් හැඳින්විය හැකි බව ද විපක්ෂ නායකවරයා සඳහන් කර තිබේ.

එන්නත්කරණ ලැයිස්තු සඳහා එම පිරිස් ඇතුළත්ව නොමැති බවත් ඔවුන්ගේ ජීවන මාර්ග පවා මේ වන විට බිඳ වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

එබැවින් කොරෝනා ව්‍යසනයේ බරපතළ තත්ත්වය ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති පිරිස භුක්ති විඳිමින් සිටින බවත් සාමාන්‍ය පුරවැසියන් හා සම අයිතිවාසිකම් මෙන්ම වරප්‍රසාද ඔවුන්ට හිමිවිය යුතුව ඇතැයි පෙන්වා දෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එවන් පිරිසකගේ සුරක්ෂිතාව වෙනුවෙන් නිසි පසුබිමක් සලසා දීම රජය සතු වගකීමක් වන බව ද සඳහන් කරයි.

එන්නත්කරණ දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බවත් සෞඛ්‍ය කාරණාවක් අබියස මිනිස් ජීවිත බෙදා වෙන්කිරීම ගෝත්‍රික සමාජයක හෝ දැකිය නොහැකි තත්ත්වයක් බවත් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් එම නිවේදනයේ දක්වා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස