කොවිඩ් ගැන රනිල් කීවේ 1970 ගණන්වල…! රටට ඕන දුරදකින රනිල්ගේ ආණ්ඩුවක්..! – තෙවරප්පෙරුම…

January 25, 2022 at 6:20 pm | by emanisa.lk

මේ රටේ ජනතාව ජීවත් වන සියලු මාර්ග ආණ්ඩුව වසා දමා ඇති බවත් නුදුරේ දීම ජනතාව සිය දිවි නසා ගන්නා තැනට පත්වන බවත් එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පවසයි.

තෙවරප්පෙරුම අවධාරණය කළේ, එක්සත් ජාතික පාක්ෂිකයකු වන තමා එක එක කල්ලි පසුපස ගොස් මන්ත්‍රීකම් ලබා ගැනීමට සූදනම් නොමැති බවත් රටට නායකත්වයක් දිය හැකි එක ම නායකයා රනිල් වික්‍රමසිංහ බවත් ය.

මේ රට ගොනැඟූවේ එජාපය බවත් රන්දෙණිගල රන්ටැඹේ ලක්ෂපාන හැදුවේ දුර දකින එකම නායක රනිල් වික්‍රමසිංහ බවත් හෙතෙම සඳහන් කරයි.

1970 ගණන්වල පාර්ලිමේන්තුව අමතමින් චීන වෛරසයක් මුල් කරගෙන වසංගතයක් පැතිරෙන බව පැවසූ රනිල් වික්‍රමසිංහ ඒ සඳහා රට සූදානම් කළ බවත් පෙන්වා දුන්නේ ය.

එක්සත් ජාතික පක්ෂය විසින් අද (25) ගාල්ලේ සංවිධානය කළ විරෝධතාවකට එකතු වෙමින් පාලිත තෙවරප්පෙරුම මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස