කොවිඩ් ආසාදිතයින්ට නිවසේ සිට ප්‍රතිකාර….! නියමු ව්‍යාපෘතිය අද කළුතරින් ඇරඹේ…! නුදුරේ දී ම කොළඹට සහ ගම්පහටත්…!

May 21, 2021 at 8:59 am | by emanisa.lk

කොවිඩ් ආසාදිතයන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාදීමේ ක්‍රියාවලිය නියමු ව්‍යාපෘතියක් ලෙස අද (21) කළුතරින් ආරම්භ කෙරේ.

ජන ඝනත්වය අනුව නිවසේ අතර දුරස්ථභාවය කළුතර දිස්ත්‍රික්කයේ ඇති නිසා මෙම නියමු ව්‍යාපෘතිය කළුතරින් ඇරඹීමට තීරණය වී තිබේ.

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හට මෙම ව්‍යාපෘතියේ බලය පවරන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදෙන නිර්දේශ අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරීක්ෂණය සඳහා යෙදවේ. ජංගම සායන රථ ද ගිලන් රථ ද මෙම ප්‍රදේශයට යොදවන අතර ප්‍රවාහන පහසුකම් ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු සඳහා යුද හමුදාව සහායට ලබාදී ඇත.

දින තුනක් තුළ මෙම ක්‍රියාවලියේ ප්‍රගතිය සමාලෝචනය කර අඩුපාඩු සැකසීමෙන් පසුව කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලද ක්‍රියාත්මක කිරීමට ඊයේ (20) තීරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස