රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා ඉදිරි සතියේ පාසල් ආරම්භ නොකරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.ඇල්. පීරිස් පවසයි.
ඒ අනුව එළඹෙන සිකුරාදා එනම් 07 වෙනිදා නැවැත රැස්ව පාසල් ආරම්භ කිරීම පිළිබඳ තීන්දුවක් ගැනීමට නියමිත බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.
විෂය මාලා සම්පූර්ණ කිරීම සඳහා අගෝස්තුව නිවාඩුව හැකි තාක් අවම කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇතැයි ඇමැති ජී.ඇල්. පීරිස් වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.