කොල්ලකෑ මහජන ධනය අපේ ආණ්ඩුව යටතේ රජයට පවර ගන්නවා..! – අනුර…

June 28, 2022 at 1:38 pm | by emanisa.lk

මහජන දේපළ කොල්ල කෑ, දැනට සිටින දේශපාලනඥයන්ගේ සහ මිය ගොස් සිටින දේශපාලනඥයන්ගේ එම දේපළ සිය පාලනයක් යටතේ යළි රජයට ලබා ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේග නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු එසේ ප්‍රකාශ කළේ පෙරේදා (26) අනුරාධපුරයේ පැවැති ජන රැලියට සහභාගි වෙමිනි.

රට ගොඩනැගීමේ නිවැරැදි සැලැස්මක් ජාතික ජන බලවේගයට තිබෙන බව ද මෙහි දී ප්‍රකාශ කළ අනුර කුමාර දිසානායක, රටට ඇති වී තිබෙන ව්‍යසනය පිළිබඳ රටේ සියලු දෙනාම දැනුම්වත් කරමු යැයි තම පක්ෂයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

අවිනිශ්චිතතාවෙන් යුත් රටක් ලෙස, ලොව පුරා ක්‍රියාත්මක වන මාධ්‍යයන් මෙරට හඳුන්වන බව ද, මෙහිදී ප්‍රකාශ කළ ජාතික ජන ජන බලවේගයේ නායකයා, රට තුළ ක්‍රියාත්මක වන දූෂිත විනාශකාරී පැලැන්තිය එලවා දැමිය යුතු යැයි ද යයි ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *