කොරෝනා මෘතදේහ භූමදාන ගැසට් එක මඟ එනවා….! – කැබිනට් ප්‍රකාශක…

February 12, 2021 at 7:22 pm | by emanisa.lk

කොරෝනා මෘතදේහ භූමදානයට අදාළ ගැසට් නිවේදනය සෞඛ්‍ය අංශ උපදෙස් මත ඉදිරියේ දී නිකුත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අද (12) මහනුවර කුණ්ඩසාලේ පාසලක රුක් රෝපණ වැඩසටහනකට එකතු වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එම කටයුතු මේ වන විට වෛද්‍ය අංශ වෙත භාර දී ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය.

කෙසේ වුව ද පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන ඊයේ සඳහන් කළේ මරණ භූමදානයට මිස කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩ ලබා දෙන බවක් අගමැතිවරයා ප්‍රකාශ නොකළ බව ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *