කොරෝනා මැදින් ලංකාවට අලුත් වෙළෙඳපොළක්! ඩොලර් මිලියන 500ක සෞඛ්‍ය උපාංග නිෂ්පාදන ඇනවුම්! – BOI

May 23, 2020 at 9:21 am | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා උපකාරී වන පෞද්ගලික සෞඛ්‍ය උපාංග නිෂ්පාදනය කිරීමේ ඇනවුමක් රටට ලබා ගැනීමට හැකි වූ බව ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය පවසයි.

මෙම ඇනවුමෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 500ක් වන අතර එහි වටිනාකම නුදුරු අනාගතයේහිම ඩොලර් බිලියනය ඉක්මවා යනු ඇති බවට ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල විශ්වාසය පළ කළේය.

මේ වන විට අදාළ ඇනවුමට අදාළ සෞඛ්‍ය උපාංග කර්මාන්ත ශාලා 33ක නිපදවන බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස