කොරෝනා මර්දන සටන තවත් පිම්මක් පනී…! එක වරක් පමණක් එන්නත් කළ යුතු නව එන්නතක් එයි….!

February 25, 2021 at 2:00 pm | by emanisa.lk

කොවිඩ් මර්දනය සඳහා නිෂ්පාදිත ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බවට අමෙරිකාවේ දී සිදුකරන ලද සමාලෝචනයකින් පසු හඳුනාගෙන තිබේ.

කොවිඩ් මර්දනය සඳහා අමෙරිකාවේ අනුමත තෙවන එන්නත බවට මෙම එන්නත පත්වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ජොන්සන් ඇන්ඩ් ජෝන්සන් එන්නත ෆයිසර් සහ මෝඩර්නා එන්නතට විකල්ප එන්නතක් ලෙස භාවිත කළ හැකි බව වාර්තා වේ.

එය අධිශීතකරණයේ නොව සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයේ ගබඩා කළ හැකි බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *