කොරෝනා මරණ සඳහා නොමිලේ පෙට්ටි දුන් සංවිධානයටත් මුස්ලිම් අන්තවාදයෙන් තර්ජන!

December 2, 2020 at 6:49 am | by emanisa.lk

කොවිඩ් ආසාදනය වී මියයන මුස්ලිම් අයගේ දේහ ආදාහනය කිරීමට විරෝධය පළකරන කණ්ඩායමක් තමාට තර්ජනය හා බලපෑම් කරන බවට සිහාරා ජනාසා (අවමංගල්‍ය) පදනමේ සභාපතිවරයා පෑලියගොඩ පොලිසිය වෙත ඊයේ (01) පැමිණිල්ලක් කර ඇත.

කොවිඩ් වැලඳී මියයන පුද්ගලයන් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශය මත තම පදනම මගින් සමාජ සත්කාරයක් වශයෙන් මිනී පෙට්ටි පිරිනමන බවත් මෙසේ මීනීපෙට්ටි පිරිනොනමන ලෙස ඉහත පිරිස් තර්ජනය කරන බවත් එම පදනමේ සභාපති එස්.එච්.එම්. රිස්වාන් පවසයි.

මියගිය කොවිඩ් රෝගීන් 24 දෙනකු වෙනුවෙන් දැනටමත් මිනී පෙට්ටි පරිත්‍යාගය කර තිබෙන බව ඔහු කියයි. තම සමාජ සත්කාරය මුස්ලිම් ජනතාවට පමණක් සීමා වී නැති බවද හෙතෙම කියා සිටී.

කොවිඩ් ආසාධිත මුස්ලිම් මරණ ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද යන්න තීරණය කළ යුත්තේ අධිකරණය මිස තමා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොවන බැවින් මුස්ලිම් ජනතාව පලිහක් කරගත් දේශපාලන සම්බන්ධයක් ඇති මුස්ලිම් කිහිප දෙනකු තමාට මෙම තර්ජනය කරන බවත් සභාපතිවරයා කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස