කොරෝනා දේහ භූමදානයට ඉඩ දෙනවා….! – අගමැති…

February 10, 2021 at 3:00 pm | by emanisa.lk

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ අද(10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අගමැතිවරයා සභාවේ නැගී සිටිමින් එසේ කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කා නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.

ජලයෙන් කොවිඩ් 19 ‍බෝ නොවන බවට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය පාර්ලිමේන්තුවේදී පැවසූ බවත් එසේ නම් මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානයට ඉඩ නොදෙන්නේ මන්දැයි අසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් අද පාර්ලිමේන්තුවේදී විමසා සිටි අවස්ථාවේ එය රීති ප්‍රශ්නයක් නොවන බව කියමින් කථානායකවරයා ඔහු වාඩි කරවූයේ ය.

එහෙත් එහිදී එකවර ම නැඟී සිටි අගමැතිවරයා කොවිඩ් 19 වැළඳීමෙන් මිය යන අයගේ සිරුරු භූමදානයට ඉඩ දෙන බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *